හමුවුණා
දවසක ඉටු නොවූ පැතුමන්
ඇතිවුණා
දෙහදක මතුවෙනා හැඟුමන්
යා
වුණා ජීවිතේ වී පෙමින් කුල්මත්....
රැලි
නගා මහ සයුර සුදු වෙරළ සිම්ඹා
ගුලි
වෙලා හදපුරා නොලැබු සුව වින්දා
යළි
සිනාසෙන තුරා ජීවිතේ රන්දා
පිළිවෙලින්
මගේ සිත නුඹට පෙම් බැන්දා...
වේදනා
කඳුළු මැද සංසාර පුරුද්දට
සාදනා
ආලයේ පෙරනිමිති පහළකොට
යාවුණා
ජීවිතේ ආදරේ කඩඉමට
පීදුණා
මල් පියලි හද බැඳිම ඉසව්වට....
රන්
කරල් බිමට බර නිල් ගොයම් හා වෙලී
දැන්
ඉතින් අස්වැන්න සරුසාර වෙයි යළී
රොන්
උරා සමනල්ලු මල් සමග හාද වී
යන්
පමා නොමවෙලා වසන්තය මග හිඳී.....
-අකිල-

No comments:
Post a Comment