සනසාලුව
මැන නෙත් හසරැලි ළඟ
විහිදාලනු
මැන සඳ සේ වුවනත
පහදාදෙනු
මැන ප්‍රේමයෙ රස බස
වටහාගනු
ඇත ලොවම එසේ....
සුසුමක
සිරවී නැවතුණු කැළඹිලි
පැතුමක
දැවටී සැනසුණු ඇවිටිලි
මැණිකක
වටිනාකමට හැරේ...
සිත්ලෙස
වැළපී පියවුණු යුග නෙතු
සිසිලස
ලැබදී සැනසුණු සඳ මතු
දස
දෙස පැතිරී එකතැන නැවතුණු
පෙම්
රස දෙහදක සිරිය ගෙනේ...
-අකිල-

No comments:
Post a Comment