Monday, December 25, 2017
විප්ලවයට ගිය දුවට...
විප්ලවයට ගිය දුවට...
මග නොදැන හසරක් සොයා
මාත් දවසක් පෙළපාළියේ ගියා
මලක් පොඩිවී තැළුණු හැටි දුටුවා...
ගලක් කරගෙන හිතක ඇති මුදු ආදරේ
සෙතක් නෑ දුවේ නුඹෙ බොරු විප්ලවේ
කළත් නුඹ සිසු අණට ඔය උද්ඝෝෂණේ
ඵලක් නැති වෙයි උන් කියාදුන් මාවතේ....
නවක වදයයි නුඹ ගෙවන්නේ රැවටෙමින් උන් බසට
මහා මන්දිර තනා උන් ඇත මුදල් ගණිමින් බැංකු
පොත්වල
තාවකාලික බසක් කියමින් නුඹව රවටන උන්ව මගහැර
ජයගනින් ජීවිත පොතේ ඇත සොඳුරු පිටු නුඹ නමින්
වෙන්කර....
මමත් විරුවෙක් පාරෙ ගුටිකන අපියි මහ ලොකු අන්තරේ
ගියත් මරණෙට මිසක් නොනැවත ජයම පතමින් විප්ලවේ
උඹත් ඒ මග මමත් එකතැන උනුන් ජයගත් පසු පුතේ
මළත් නුඹ මිස නුඹට උන් නැත සිතම රැවටූ මන්තරේ...
වරෙන් පුළුවන්නම් කියාගෙන කාකි ඇඳුමට බැනවදී
ඉතින් මොකටද මළත් කම්නැත ඒ අපේ පරපුරෙ හැටී
හිතින් බැන බැන උන්ට වඳිනා තේරුමක් නැති බව දැනී
බැටන් පොල්ලෙන් දෙක වදිද්දී නුඹේ මරණය උන්
යදී...
- අකිල -
Subscribe to:
Comments (Atom)

